ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවැනි පෙළ නායකයා ලෙස දේශපාලනයට එක්වීමට තමාට කිසිවෙකුත් ආරාධනා කර නොමැති බව හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
අලුත් කඩේ උසාවි සංකීර්ණයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය. තමා හිටපු ආරක්ෂක ලේකම්වරයා මිස දේශපාලඥයෙකු නොවන බවද ප්‍රකාශ කළේය.
එසේම තමාගේ හමුදා ආරක්ෂාව ඉවත්කිරීමට යන බවට තොරතුරු වාර්තා වෙන බවත් එම ආරක්ෂාව ඉවත් නොකරන ලෙස ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත් ගෝඨාඪය රාජපක්ෂ මහතා පැවැසීය.
තමාට දුන් හමුදා ආරක්ෂාව තවමත්ල බාදීමට ජනපති හා අගමැති කටයුතු කර තිබෙන බවත් ඔහු පැවැසීය.