ආණ්ඩුව විසින් 2017 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී සිදුකළ අතිරේක වියදම් පියවාගැනීම සඳහා රුපියල් බිලියන 14 ක සහ රුපියල් බිලියන 86 බැගින් රුපියල් බිලියන 100 ට ආසන්න පරිපූරක ඇස්තමේන්තු දෙකක් අද (23දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
2017 වසරේ නොවැම්බර් මස 01 දා සිට 30 දා දක්වා අතිරේකව වියදම් කළ රුපියල් 14,078,711,782 ක මුදලක් ඒක් පරිපූරක ඇස්තමේන්තුවකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ .
2017 වසරේ දෙසැම්බර් 01 දා සිට 29 දා දක්වා රුපියල් 86,570,311,665ක මුදලක් පරිපූරක ඇස්තමේන්තුවෙන් අනුමත කරගැනීමට ඉදිරිපත්කර ඇත.
ඒ අනුව ඇස්තමේන්තු දෙක මගින්ම අනුමත කිරීමට අපේක්ෂාකර ඇති මුළු මුදල රුපියල් 100,649,023,447කි.