පොළොන්නරුව ඓතිහාසික දෙමළ මහා සෑය ඉදිකොට ඇති කාලවකවානුව සනාථ කර ගැනීමට හැකිවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.
එහි අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියා සිටියේ, පොළොන්නරුව දෙමළ මහා සෑයේ කැණීම් ආරම්භ කිරීමෙන් පසුව සොයාගත් අඟුරු නියැදි කීපයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ බීටා විශ්ලේෂණ ආයතනය පරීක්ෂණයට යොමුකළ බවය.
මේ අනුව පරාක්‍රමබාහු රජ සමයේ තුළදී ක්‍රි.ව 1025-1165 යන කාලවකවානුව තුළදී දෙමළ මහා සෑය ඉදිකර ඇතැයි විද්‍යාත්මක පරීක්ෂණ තුළින් අනාවරණය කර ගත හැකිවූ බව අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පවසා සිටියේය.