උතුරේ සිවිල් පරිපාලන කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරීම උදෙසා උතුරේ දෙමළ තරුණයන් 1500 ක් පොලිස් සේවයට බඳවා ගැනීමේ කටයුතු මේ දිනවල ආරම්භ කොට ඇත.
මේ සඳහා වන සම්මුඛ පරීක්ෂණ ඊයේ (10දා) යාපනය මධ්‍ය මහ විද්‍යාලයේදී පැවැත්වුණ අතර අද (11දා) වවුනියාව ගාමිණී මහ විද්‍යාලයේදී එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙයි.
මේ අනුව අද දිනයේදී වවුනියාව දිස්ත්‍රීක්කයේ දෙමළ තරුණයන් 424 දෙනෙකු වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා ඇති බවට වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත වික්‍රමසිංහ මහතා පැවසීය.