ජාත්‍යන්තරය සමග එළඹ ඇති ගිවිසුම් වලට අනුව දෙමළ ජනතාව වෙනුවෙන් පොරොන්දු වූ කාර්යන් ආණ්ඩුව නොපමාව ඉටුකළ යුතු බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියේය.
යාපනය පුස්තකාලයේදී ඊයේ (19දා) පැවති දෙමළ ජනතා සභාවේ රැස්වීමෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මහඇමති වරයා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා,
‘2009 දී බෑන්කීමූන් මහතාට එවකට හිටි ජනාධිපතිතුමා පවතින ආණ්ඩු දෙමළ ජනතාවට ඉදිරියේදී කරන්න යන්නේ මොකද්ද කියලා පෙන්වාදී තියනවා. එහෙම පොරොන්දු වෙච්ච දේවල් වත්මන් ආණ්ඩුව හෝ අද වෙනකම් කරල තියෙනවද කියල පරීක්ෂා කරල බලන්න ඕන.
ජිනීවා වලදීත් ගිවිසුමක් අත්සන් කරල තියනවා. ඒ ගිවිසුමේ සඳහන් දේ අද වෙන කොට දෙමළ ජනතාව වෙනුවෙන් කරල තියනවාද කියල පරීක්ෂා කරල බලන්න ඕන. ගිවිසුම් අනුව දෙමළ ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකමක් තියෙනවා. අද වෙනකම් ඒ දේ කළේ නැති නිසා තමයි අපිට මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ කියලා පෙන්වලා දෙන්න පුලුවන්. ඒ නිසා එහෙම යුතුකම් ඉටු කළා නම් මේ රටේ සාමයෙන් සමාදානයෙන් ඉදිරියට යන්න පුලුවන් කියල මම කියන්න කැමතියි' යැයි පවසා සිටියේය.