දෙමටගොඩ ප්රදේශයේ, සිරිධම්ම මාවතේ නිවසක අද (05දා) අලුයම් කාලයේදී හදිසියේ ගින්නක් ඇති වී තිබේ.
පොලීසිය, ගිනි නිවන හමුදාව හා ප්රදේශවාසීන්ගේ සහාය ඇතිව මේ වනවිට ගින්න මැඬපවත්වා ඇති බවත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් දෙමටගොඩ පොලීසිය පවසයි.
නිවැසියන් එම නිවසේ නොසිටි අවස්ථාවක ගින්න හටගෙන ඇති අතර, ඉන් සිදුවූ හානියද තක්සේරු කර නොමැත. කෙසේ වෙතත් දෙමටගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන බවද පැවසෙයි.