බන්ධනාගාර රථය තුළදී වෙඩි වැදී ජාතික රෝහලට ඇතුළත් කළ චමින්ද නැමැත්තාගේ තත්ත්වය බරපතළ නොවන බව කොළඹ ජාතික රෝහල සඳහන් කරයි.
ඔහුගේ කණ ප්‍ර‘දේශයට සහ පපුව ප්‍ර‘දේශයට වෙඩි දෙකක් වැදී තිබෙන සලකුණු තිබෙන බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන නිසා තවමත් කිසිදු ශල්‍යකර්මයකට භාජන නොකළත් වැඩිදුර ප්‍රතිකාර ලබාදී හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කළ බවද කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යා මෙනවිය සඳහන් කළාය.
අදාළ සිදුවීම පිළිබඳව සොයා බැලීමට බන්ධනාගාර දෙපාර්තුමේන්තුව විශේෂ කම්ටුවක් පත් කර තිබේ.