දෘශ්‍යාබාධිත අය රැක ගැනීමේදී ශ්‍රී ලංකාව සිටින්නේ පිටුපසින් යැයි ලෝක සුදු සැරයැටි දිනය සමරමින් ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.
ශ්‍රී ලාංකේය දෘශ්‍යාබාධිත සමාජය ගැන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා මෙම විග්‍රහය කළේ රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදීයි. අදට (15) යෙදුණු ලෝක සුදු සැරයැටි දිනය සමරමින් එම උත්සවය පැවැත්විණ. දෘශ්‍යාබාධිත පුද්ගලයින් රටට කරන සේවය ඇස් පෙනෙන අය කරන සේවයට වඩා ඉහළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය