ඉදිරියේදී මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේදී දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට හඳුනාගැනිමට හැකි සලකුණු සහිතව මුද්‍රණය කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ බැංකුව වෙත උපදෙස් ලබාදී තිබේ. දැනට වසර 04 ක පමණ කාලයක සිට නිකුත් කරන මුදල් නෝට්ටුවල දෘශ්‍යාබාධිතයින්ට හඳුනා ගැනීමට සලකුණු නොමැති බැවින් තමන් මහත් අපහසුතාවයකට පත්වන බව දෘශ්‍යාබාධිත උපාධිධාරි සංගමයේ නියෝජිතයින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.
දෘශ්‍යාබාධිත දිනය වෙනුවෙන් පැවති සාකච්ඡාවකින් අනතුරැව මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය