දූෂිත ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාකලාප හේතුවෙන් පරිසර හානි පමණක් නොව ජීවිත හානි ගණනාවක් ද ඉකුත් වසර කිහිපය තුළ වාර්තා වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
කෑගල්ලේදී අද (04දා) පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.
පරිසරය සුරැකීම දිනකට සීමා නොවී වසර පුරා ක්‍රියාත්මක වන අඛණ්ඩ වැඩපිළිවෙළක් සමග පරිසර සංරක්ෂණය වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමට කැපවන්නැයිද ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
මෙය එක් පාර්ශ්වයකට පැවරෙන වගකීමක් නොව දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, පාසල් දරුවන් ප්රමුඛ සමස්ත රටවැසියන් ඒ සඳහා ඒකරාශී විය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේය.
පොතුවිල් පානම හෙක්ටයාර් 106ක පමණ වැලි කඳු ප්‍රදේශය සංරක්ෂිත ප්‍රදේශයක් ලෙසත් අම්පාර දිස්ත්‍රික්කයේ ශාස්තවෙල කැලේ කඩොලාන සහිත ප්‍රදේශය රක්ෂිත වනාන්තරයක් ලෙස හා මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්සල්තැන්න ජල පෝෂක ප්‍රදේශය පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමද මෙහිදී සිදු කෙරිණි.