දූෂිත ප්‍රභූවරුන්ගේ සන්ධානයක් බිහිව ඇති බවත් එය බිඳ දැමීමේ දූෂණයට එරෙහි ජාතික ව්‍යාපාරය මෙම පෙබරවාරී 10 වැනිදායින් පසුව ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රටේ සියලු ආගමික නායකයින්, උගතුන්, බුද්ධිමතුන් මෙන්ම රටට ආදරය කරන සියලු ජනතාව ඊට ඒකරාශී කරගන්නා බවත් යළිත් දූෂිත පාලනයකට රාජ්‍ය දේපළ මෙන්ම මහජනතාවගේ මුදල් සොරා කෑමට ඉඩ නොදන බවත් ජනාධිපතිවරයා පැවැසීය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25දා) පස්වරුවේ ගල්කිස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
ජනතාව කෙරෙහි විශ්වාස තබමින්, අවංක දේශපාලන ව්‍යාපාරයක් සමග සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට දිවි හිමියෙන් කැපවන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
රට ගොඩනැගීමට නම් පළාත් සභාවේ, පාර්ලිමේන්තුවේ සිට ජනාධිපති ධුරය දක්වා පිරිසිදු දේශපාලන වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් රට ගොඩනැගීමට අවශ්‍යව ඇත්තේ නිවැරදි දේශපාලන ගමනක් බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.