පසුගිය ආණ්ඩුවේ සිදුව තිබෙන මහා පරිමාණ වංචා හා දූෂණ වංචා සඳහා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන ඇතුළු හිටපු ඇමති මණ්ඩලය වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද (22දා) සිරිකොතදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය. එසේම මහා පරිමාණ දූෂණ හෙළිවීමත් සමග මෙම පිරිස බිය වී සිටින බවත් ඔහු පැවැසීය.
එසේම මෙහෙිදී ඊයේ පාර්ලිමේන්තුවේදි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අසභ්‍ය වචන භාවිත කිරීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා සිය අදහස් දක්වමින් සඳහන් කළේ ඔහු වියලුණු වට්ටක්කා ගෙඩියක් බවයි.