දූෂණයෙන් තොර සමාජයක් ඇතිකිරීම සඳහා ජාතික දූෂණ විරෝධී සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 09 වැනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වෙන බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව මෙම සමුළුව දෙසැම්බර් 09 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමීව පැවැත්වෙන බවද හෙතෙම පවසා සිටියේය.
'සුපිළිපන් පාලනයක්' යන මැයෙන් පැවැත්වෙන මෙම සමුළුව ලංකාවේ සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීම පිණිස දූෂණයෙන් තොර සමාජයක් ඇතිකිරීමේ අරමුණින් පැවැත්වෙන බවද අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.