ප්රජාතන්ත්රවාදය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම යන ප්‍රතිපත්ති තහවුරු කිරීම මත පදනම්ව මහජන ඡන්දයෙන් තේරී පත්වූ රජයක් ලෙස ශ්‍රී ලංකාවෙන් දූෂණය තුරන්කර දැමීම මූලික වගකීමක් ලෙස සලකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුව අමතමින් පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ, දූෂණය, දේශපාලන භීෂණය සහ මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ බරපතළ චෝදනා සහිත යුගයක් ශ්‍රී ලංකාව පසුකළ බවත්, ජනතාව විසින් එම තත්ත්වයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස 2015 ජනාධිපතිවරණයේදී එම පාලනය වෙනස්කර යහපාලන රජය බලයට පත්වූ බවත්ය.
එහිදී, වත්මන් රජය මහජන ඡන්දයෙන් තේරී පත්වූයේ ප්රජාතන්ත්රවාදය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම යන ප්‍රතිපත්ති තහවුරු කිරීම මත පදනම්ව බවත්, එබැවින් රටින් දූෂණය තුරන් කර දැමීම රජයේ මූලික වගකීමක් ලෙස සලකනු ලබන බැවින්, මේ සම්බන්ධව දැනටම වැදගත් තීරණ රැසක් ගෙන ඇති බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.