දූෂණ විරෝධී මහාධිකරණ පිහිටුවා එහි අධිකරණ කටයුතු මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට හැකි වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
දූෂණ විරෝධී විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා මේ වන විට සියලු කටයුතු ආරම්භ කර ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ,
&විශේෂ මහාධිකරණ පිහිටුවීමේ පනත් කෙටුම්පත සකස්කර තිබෙනවා. එයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. මෙම අධිකරණ සඳහා ගොඩනැගිලි ලෑස්තියි. ඒ සඳහා වැඩිපුර විනිශ්චකාරවරුන් බඳවා ගැනීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණා. නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරුන් සංඛ්‍යාව 118 සිට 218 දක්වා වැඩි කරන්න අනුමැතිය ලැබුණා. විනිශ්චකාරවරුන්ගේ වරප්‍රසාද සහ වැටුප් වැඩි කිරීමට තීරණය කළා. මේ නීතිය විධිමත් ලෙස සම්මත කරගැනීම අවශ්‍යයි. මොකද මෙය බරපතළ ක්‍රියාදාමයක් නිසා. අනිවාර්යයෙන්ම මාර්තු මාසය වන විට මෙම නීතය සම්මත කරගෙන මෙම ක්‍රියාදාමය අපි ආරම්භ කරනවා. මේවා ප්‍රමාද වූ බව ඇත්ත. නමුත් දැන් පරීක්ෂණ කටයුතු අවසන් වී තිබෙනවා. වාර්තා ලැබී තිබෙනවා. අධිකරණ කටයුතු ඉක්මනින්ම ආරම්භ වේවි* යනුවෙනි.