පසුගිය කාලයේ සිදුවී ඇති මහා පරිමාණ දූෂණ සොයාබැලීම සඳහා විශේෂ කොමිෂන් සභා පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද සංදේශය හා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද සංදේශය පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජාතික විධායක සභාවේ නිර්දේශ මත දූෂණ විරෝධී කමිටුවක් ස්ථාපත කර තිබේ.
එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. සභාපති ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.
කමිටුව - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ (සභාපති), විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, නීතිඥ ජේ.සී. වැලිඅමුණ සහ මලික් සමරවික්‍රම