දූෂණ විමර්ශනය කිරීම් අද වනවිට එකම ජංජාලයක් බවට පත්ව ඇතැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (30දා) පැවසීය.
ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අල්ලස් කොමිසමට කුමක් වී ඇතිදැයි සිතාගැනීමට නොහැකි බවයි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කිසිදු වැඩක් නොකරන ස්ථානයක් බවට පත්ව ඇතැයිද වර්ණසිංහ මහතා ප්‍රකාශ කළේය.
රටවැසියා තීන්දු තීරණ ගනු ලබන්නේ පසුගිය වසර දෙකේ ක්‍රියාකාරකම් දෙස බලා බවත්, එංගලන්තයේ කැමරන්ට සිදුවූ දෙය ලංකාවේදී සිදුවීමට ඉඩ තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.