මෙරට සිදුවන දූෂණ හා වංචාවලට දඬුවම් ලබාදීමට නම් ෂරියා නීතිය වැනි නීති රටතුළ තිබිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
වර්තමාන ආණ්ඩුවේ සිටින දූෂිතයන්ට හාවංචනිකයන් දඬුවම් ලබා දෙනවා සේම පසුගිය ආණ්ඩු සමයේ සිටි දූෂිතයන්ට හා වංචනිකයන්ටදදඬුවම් ලබාදිය යුතු බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා, වැඩිදුරටත් සඳහන් කළේ, බැඳුම්කර වංචාවට සම්බන්ධ පිරිස්වලට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අඛණ්ඩව අධිකරණ ක්‍රියාමාර්ගයක් දියත් විය යුතු බවයි.
මීට අමතරව අලාභය ඔවුන්ගෙන් අයකර ගන්නවා සේම ඔවුන් කළ වරදට විශාල දඩ මුදලක් අයකර ගතයුතු බවද මහලේකම්වරයා පවසා සිටියේය.
අලාභය අයකර ගැනීමට ඔවුන් සතුව මුදල් නොමැති නම් ඔවුන්ගේ දේපොළ රාජසන්තක කර හෝ අදාළ මුදල සොයාගතයුතු බවද ඔහු සඳහන් කළේය.
මෙම අහිමි වූ මුදල් අයකර ගැනීමට නීති සකස් කරන්නේ නම් ඒ සඳහා අත් දෙකම ඔසවා සහයෝගය ලබාදෙන බවද මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.
වංචාව සිදුකළ පුද්ගලයාරට තුළ සිටින බවත්, එහෙත් එයට අනුබල දුන්න පුද්ගලයා විදේශගතව සිටින බවත් පැවසූ මහලේකම්වරයා, විදේශගත පුද්ගලයා ජාත්‍යන්තර නීතිරීති හරහා මෙරටට ගෙන්වාගත හැකි බවත්, සියලු දෙනාගේ ඉල්ලීම වී ඇත්තේ කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස බවත් ප්‍රකාශ කළේය.