දූෂණ අක්‍රමිකතා පිළිබඳ ක්‍රියාමාර්ග කඩිකම් කිරීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් සකස් කරන්නැයි ඉල්ලා කැබිනට් අමාත්‍යවරුන් 16 දෙනෙකු විසින් විශේෂ පත්‍රිකාවක් ඊයේ (13දා) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.
විශේෂයෙන්ම විශේෂ ක්‍රියාමාර්ග හරහා දූෂණ චෝදනාවලට ලක්ව ඇති අය සම්බන්ධයෙන් දැනට පවත්වන පරීක්ෂණ කඩිනම් කොට ඒ පිළිබඳ ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔවුන් විසින් මෙසේ ඉල්ලීමක් කර ඇත.
මීට ඉහතද ඇතැම් අමාත්‍යවරුන් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ අධිකරණයක් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.නමුත් පවතින නීති හමුවේ එසේ කිරීමට නොහැකි බව එහිදී අවධාරණය විය.