ඉතා දුර්ලභ ගණයේ දැඩි ආරක්ෂිත සතෙකු ලෙස සැලකෙන අඟල් 08ක් පමණ දිග රන් උණුහපුළු පැටවෙකු ඇල්ල, කරඳගොල්ල ප්‍ර‘දේශයේ කැලෑවක වැටී සිටියදී පොලීසියට ගෙනැවිත් බාරදීමෙන් අනතුරුව ඊයේ (21දා) පොලීසිය රාවණා ඇල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට බාර දුන්හ.
තුවාල ලබා සිටි මෙම රන් උණහපුළු පැටවා ප්‍රතිකාර සඳහා ලුණුගම්වෙහෙර වනජීවී පශු වෛද්‍ය ඒකකයට බාර දී ඇතැයි ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්.කරුණාරත්න මහතා සඳහන් කළේය.
ඇල්ල කරඳගොල්ල ප්‍ර‘දේශයේ සංචාරක හෝටල් සේවකයන් පිරිසක් රාත්‍රී තුවාල ලබා කැළෑවේ වැටී සිටි මෙම උණහපුළු පැටවා දැක අල්ලාගෙන ඇල්ල පොලීසියට ගෙනැවිත් බාරදී ඇත.
රන් උණහපුළුවා ලෙස සැලකෙන මෙම සත්ත්වයා ආරක්ෂිත අහිංසක සතෙකු බවත්, දුඹුරු පැහැති කලාතුරකින් දැකගත හැකි මාංශ භක්ෂක සතෙකු බවත් රාවණා ඇල්ල වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරී ඩී.එම්.එස්.කේ. දිසානායක මහතා පැවසීය.
ඇල්ල ප්‍රසාද් රුක්මාල්