සියලු වරප්‍රසාද සහිත නාගරික ප්‍රදේශවල ජීවත්වන ජනතාවට වඩා දුර බැහැ දුෂ්කර පළාත්වල පහසුකම් නොමැති ප්‍රදේශවල ජීවත්වන ජනතාව රජයේ වෛද්‍යවරුන්ගේ සේවාව අපේක්ෂා කරන බවත්, ඔවුන්ට සේවය කිරීම තම යුතුකමක් සේ සළකා කටයුතු කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.
සීමාවාසික වෛද්‍යවරුන් සඳහා පැවැත්වෙන තෙදින වැඩමුළුව අද (06දා) පස්වරුවේ කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
සෞඛ්‍ය ඇමතී රාජිත සේනාරත්න මහතාද, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුළු එහි නිළධාරිහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.