ලෝකයේ අවම දුරකථන ගාස්තු ක්රියාත්මන වන රට ශ්‍රීලංකාව බවත් වෙනත් රටවල ජංගම දුරකථන ගාස්තුවලට සාපේක්ෂව වැට් බදු සංශෝධනයත් සමග ඉහළ ගිය ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන ගාස්තු ජනතාවට විශාල බරක් නොවන බවත් විදුලි සංදේශ කටයුතු භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා තිබේ.
වැට් බදු ඉහළ නැංවීම සාධාරණීකරණය නොකරන නමුත් වත්මන් ආර්ථික තත්වය හමුවේ ආණ්ඩුවට තාවකාලිකව එම පියවර ගැනීමට සිදු වූ බව අමාත්‍යවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.