ඔබට ලොතරැයි දිනුම් හිමිව ඇති බව පවසමින් ලැබෙන දුරකථන ඇමතුම්වලට සහ කෙටි පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමෙන් වලකින ලෙස විදුලි සංදේශ හා නිමායන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ දිනවල ඇතැම් පුද්ගලයන්ගේ දුරකථනවලට විදෙස් රටවල දුරකථන ඔස්සේ මෙවැනි දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ලැබී ඇති බවට ලැබුණු පැමිණිලි සලකා බැලීමෙන් පසුව එම කොමිසම මෙම දැනුම්වත් කිරීම සිදුකර තිබේ.
ජනතාව නොමගයවා අදායම් උපයාගැනීමේ මාර්ගයක් ලෙස මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බවද එම කොමිසම කියයි.
ඒ අනුව, මේ පිළිබඳව දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති අතර, ඉදිරියේදී මහජනතාවද දැනුම්වත් කිරීමට පෝස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටද එම කොමිසම කටයුතු කරමින් සිටියි.
එහිදී, යම් ගැටලුවක් වෙතොත් 1900 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.