පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා ළඟ තමන් වැඩ කළ බවත් ඔහුට ඡන්දය සඳහා රුපියල් මිලියන දෙකක මුදලක් ලබා දුන් බවත් ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා අද (12දා) කොළඹ මහාධිකරණයේදී පැවැසීය.
එසේම එම මුදල් නැවතත් තමන් ඔහුගෙන් ඉල්ලූ විට සිය ගෙදරට සුදු වෑන් හා පොලීසියෙන් පැමිණීමට පටන් ගත් බවත් වෙලේ සුදා කීවේය.
හෙරොයින් ග්රෑම් හතක් ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුවක් කොළඹ මහාධිකරණයේදී අද සිට අඛණ්ඩව විභාගයට ගත් අවස්ථාවේදී ඔහු මේ බව කීවේය.