පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතාගේ දේශපාලන සංවිධායකවරුන් අද (17දා) ප්රශ්න කිරීම සඳහා රහස් පොලීසියට කැඳවා තිබේ.
අන්තර්ජාතික මත්කුඩුකරුවකු වූ වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර කළ ප්රකාශයකට අනුව දුමින්ද සිල්වා මන්ත්රීවරයාගෙන් පසුගියදා ප්රශ්න කිරීම සිදුකරනු ලැබිණි.
එසේම දුමින්ද සිල්වා මන්ත්රීවරයාගේ පක්ෂ කාර්යාලයේ සේවය කරන සේවික සේවිකාවන්ද ගෙන්වා පසුගිය දිනවල ප්රශ්න කර තිබිණි.
මේ පිළිබඳව රහස් පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශනය කරගෙන යයි.