භාරත ලක්ෂමන් ඝාතන සිද්ධියට අදාළව මරණ දඩුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට අධිකරණයට ඉදිරිපත් නොවී සිටීමට තරම් රෝගී තත්වයක් නැතැයි ඔහු පරීක්ෂාවට ලක් කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය වාර්තාවක් මඟින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රංග කලංසුරිය මහතාට අද (28) දැනුම් දුන්නේය.
එම විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා දුමින්ද සිල්වා මහතා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
මෙම නඩු යළි කැඳවන ලබන අපේ‍්‍රල් (06 දා) දුමින්ද සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට වැඩිදුරටත් නියම කළේය.