2011 වසරේ සිට 2014 වසර දක්වා වත්කම් හෙළි නොකලයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද (11දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකණයේදි වරද පිළිගත්තේය. නඩුව අවසන් කරගැනීමට අදාළව තම සේවාදායකයා වරද පිළිගන්නා බව දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේය. නඩුව නැවතත් අප්‍රේල් 18 දා කැඳවීමට නියමිතය.