දුම්වැටි පැකට්ටු සඳහා රූපමය අවවාද පමණක් ඇතුළත් නිදහස් ඇසුරුම් (plain packaging) ක්‍රමය සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එමෙන්ම දුම්කොළ සඳහා වන බදු 90% දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති අතර 2020 දී දුම්කොළ වලින් තොර රටක් බවට පත්වීම රජයේ අරමුණ වී ඇති බවද සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.