ලබන මස (පෙබරවාරි) 01 වැනිදා සිට දුම්වැටි අසුරනවල රූපමය අවවාද 80%ක් දක්වා වැඩි කරන ලෙස ලංකා දුම්කොළ සමාගමට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ. මේ සඳහා යොදාගැනීමට ආදර්ශ රූපමය අවවාද 08ක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය ලංකා දුම්කොළ සමාගම වෙත ඉදිරිපත් කර තිබේ.
දුම්වැටි අසුරනවල රූපමය අවවාද 60%ක් ලෙස සඳහන්විය යුතු ලෙස පෙර අනුමැතිය ලැබී තිබුණද එය 80%ක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.