පවතින වැටුප් විෂමතා මෙම මස 20 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර විසඳීමට කටයුතු නොකළ හොත් එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 48 ක දුම්රිය වැඩ වර්ජනයක් සිදු කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම වර්ජනයට දුම්රිය පාලකවරුන්, රියදුරන්, නියාමකවරුන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන් ද සහභාගි වන බව එම සංගමයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.