මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අඟුලානේදි දුම්රියක ලොරියක් වැදීමෙන් සිදුවූ අනතුරකින් දුම්රිය මගීන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
දුම්රිය පාපුවරුවේ ගමන් ගත් සිව්දෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. මරදාන සිට කළුතර බලා ගමන් කරමින් තිබූ දුම්රියේ ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර පස්වරු 4.55ට පමණ මෙම අනතුර සිදුව ඇත.