දුම්රිය තාක්ෂණ සේවා නිලධාරීන් වැඩවර්ජනයක නිරත වී සිටින නිසා ගෙවී ගිය පැය 24 තුළ කිසිදු දුම්රියක හෝ දුම්රිය මාර්ගයක ප්රමිතිය පරීක්ෂා කර නොමැති බව සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය සඳහන් කරයි.
මේනිසා බලහත්කාරී ක්රියාවක් ලෙස දුම්රිය ධාවනය කිරීමට බලධාරීන් කටයුතු කරන බවත්, මේනිසා දුම්රියකට හෝ දුම්රිය මගීන්ට යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම දුම්රිය බලධාරීන් හා රජය භාරගත යුතු බවද එම සංගමයේ ප්රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා අවධාරණය කළේය.
මීට අමතරව රියදුරු සහායකයන් වැඩවර්ජනයට එක්ව සිටින නිසා දුම්රිය රියදුරන්ට සහායෙකයෙකු නොමැති බවත්, වර්ජනය කඩාකප්පල් කිරීමට නිරන්තයෙන් මර්දනය ක්රියාත්මක කරන බවද පවසා සිටියේය.
ඊයේ (29) සවස 4 සිට හෙට (31) සවස 4 දක්වා මෙම වර්ජනය ක්රියාත්මක වන බවත් මර්දනකාරී වැඩ කළහොත් දුම්රිය වර්ජනය තවදුරටත් ක්රියාත්මක කරන බවද අවධාරණය කළේය.
ඊයේ (29) සවස 4 සිට කිසිදු දුම්රියක, දුම්රිය මාර්ගයක ධාවන ප්රමිතීන් පරීක්ෂා කර නොමැති බවද පවසා සිටියේය.