දුම්රිය ස්ථානාධිපති හා දුම්රිය ස්ථාන සේවක මණ්ඩලයන්හි පවතින දිගුකාලීන ගැටලු සඳහා තවදුරටත් විසඳුම් ලබාදීමට රජය අපොහොසත්වීම හේතුවෙන් එළැඹෙන 07 දා මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුනගේ සංගමය කියයි.
2016/12/02 දින තම සංගමයට පවතින ගැටලු පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයා හරහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට යොමුකළද මේ දක්වා විසඳුමක් නොලැබුණ බව එම සංගමය දැනුම් දෙයි.
සහකාර ප්‍රවාහන අධිකාරී/දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක තනතුරු සඳහා බඳවා ගන්වා තරග විභාගය නොපැවැත්වීම, ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තනතුරු 100%ක්ම පුරප්පාඩුවීම,දුම්රිය ස්ථානාධිපති උසස්වීම් ක්‍රියාත්මක නොකිරීම,දුම්රිය කණිෂ්ඨ සේවක උසස්වීම් ලබානොදීම, දුම්රිය ස්ථාන ඉලක්ක කර ගනිමින් කරන අසාධාරණ මර්ධනය යන ගැටලු මූලික කර ගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරිමට නියමිතය.