කොටුව හා මරදාන අතර දුම්රිය සංඥාවල ඇති බාධාවන් ඉවත් කළ බවත්, මේ නිසා දුම්රිය ගමනාගමනය මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකි බවත් දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
සංඥා ලැබීමේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් කොටුවෙන් ආරම්භ වන සහ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන දුම්රිය පැමිණීම ප්‍රමාද වී තිබේ. මෙම ප්‍රමාදය තවමත් සිදුවෙමින් තිබෙන බැවින් මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති.