ඉල්ලීම් හතරක් මූලික කරගනිමින් දෙසැම්බර් 01 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක වැඩ වර්ජනයක් සිදුකරන බව දුම්රිය වෘත්තීය සමිති සාමූහිකය සඳහන් කරයි.
මෙම ක්‍රියාමාර්ගයට දුම්රිය වෘත්තීය සමිති 60කට වැඩි ප්‍රමාණයක් සහභාගි වන බවත්, මෙහිදී සියලුම දුම්රිය ගමනාගමන කටයුතු ඇනහිටින බවත් එම සංගමයේ කැඳවුම්කරු සම්පත් රාජිත මහතා සඳහන් කළේය.
දුම්රිය ඉඩම් විකිණීමට හා දුම්රිය පෞද්ගලීකරණයට ගෙන තිබෙන තීරණ වෙනස් කරන ලෙසත්, රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය ඇති කර දුම්රියට අනවශ්‍ය ආකාරයට බඳවාගැනීම් නවතා දමන ලෙසත් ඉල්ලා මෙම වර්ජන ක්‍රියාවලිය සිදුකරන බවද ඔහු කියා සිටියේය.