දුම්රිය ස්ථානාධිපති, නියාමක පාලක සහ එන්ජින් රියදුරන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට ලබාදුන් පොරොන්දු කඩ වී තිබෙන නිසා 08 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය වැඩ වර්ජනයක් දියත් කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඇති වී තිබෙන වැටුප් විෂමතා විසඳා ගැනීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 06 වැනිදා සිට 13 වැනිදා දක්වා වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කළ බවද එම සංගමයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.
මෙම වැඩ වර්ජනයට අනුව වැටුප විෂමතා ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලද බවද ඔහු කියා සිටියේය.
කමිටුව විසින් වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් සකස් කළ බවත්, ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමි වූ බවත් සම කැඳවුම්කරු සඳහන් කළේය.
මේ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව මේ වසරේ පෙබරවාරි 16 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබෙන අතර, මෙතෙක් ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී නොමැති බවද ඔහු කියා සිටියේය.
මේ නිසා දුම්රිය සේවයේ නිලධාරීන් තුන් දහසකට දැඩි ආසාධාරණයක් සිදුව තිබෙන බවත්, මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේ මස 08 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට සේවයෙන් ඉවත් වන බවත් හෙතෙම සඳහන් කළේය.