දුම්රිය සේවකයන්ට ලබාදුන් වැටුප් හා උසස්වීම් සෞඛ්‍ය සේවාවේ වෘත්තීයවේදීන්ට ලබානොදුනහොත් මේ මස 26 වැනිදා පැය 24ක වැඩ වර්ජනයක් දියත් කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ එකාබද්ධබලමණ්ඩලය සඳහන් කරයි.
පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදුන් වැටුප් හා උසස්වීම් නිසා සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් 21කට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයිද එම සංගමයේ සමකැඳවුම්කරු අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
මේ නිසා 25 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර සෞඛ්‍ය සේවා වැටුප ඉහළ දමා උසස්වීම් ලබාදීමට කටයුතු නොකළහොත් පළමු ක්‍රියාමාර්ගය ලෙස මෙම ක්‍රියාමාර්ගය දියත් කරන බවත්, දෙවැනි ක්‍රියාමාර්ගය ලෙස අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවත් හෙතෙම පවසා සිටියේය.