ගැටලු තුනක් මුල්කර ගනිමින් ආරම්භ කළ දින දෙකක වැඩ වර්ජනය අද (31දා) සවස 4.00ට අවසන් කරන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය කමිටුව සඳහන් කරයි.
හෙට (01දා) සිය ගැටලු විසඳීම සඳහා පාර්ලිමේන්තුවේදී සාකච්චාවක් ලබාදෙන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී පොරොන්දු වූ බවත් මේ අනුවර ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනුකමිටුව සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවත් වෘත්තීය කමිටුවේ සභාපති සම්පත් රාජිත මහතා සඳහන් කළේය.