දුම්රිය සේවක වර්ජනයක් ආරම්භවී තිබුණද මගී ජනතාව අපහසුතාවයන්ට පත් නොවන ආකාරයට දුම්රිය ධාවනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
දුම්රිය එංජින් තුනකට අලාභ හානි සිදුකර තිබෙන බවත්, මීට අමතරව ඩීසල් බලාගාරයේ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුව තිබෙන බවද පවසා සිටියේය.
වර්ජනයක් සිදුකළද හැකි උපරිම ආකාරයට දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බවද ඒ මහතා අවධාරණය කළේය.
මේ වන විට ඇතැම් දුම්රිය ස්ථාන පරිශ්‍රයන් වෙත පොලිස් ආරක්ෂාවද ලබා දී තිබේ.