දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා පත්කළ කමිටුව ලබාදුන් පොරොන්දු මත අද (24දා) සවස සිදුකිරීම සැලසුම් කළ වැඩවර්ජනය අවසන් කළද චීන මැදිරි සහිත දුම්රියවල සේවය නොකිරීමට තීරණය කළ බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.
කොන්ත්‍රාත් සේවකයන්ගේ කාලය දීර්ඝ කිරීමට පොරොන්දු වූ බවත්, චීන මැදිරි සහිත දුම්රියවල පවතින දෝෂ සොයා බැලීමට හෙට (25දා) නිරීක්ෂණ වාර්තාවක නිරතවීමටත් පොරොන්දු වූ බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සඳහන් කළේය.
අදාළ ගැටලුව විසඳන තෙක් චීන මැදිරි සහිත දුම්රියවල සේවය නොකරන බවද පවසා සිටියේය.