ගැටලු කිහිපයක් මූලික කරගනිමින් අද (07දා) මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කිරීමට සැලසුම් කළ දුම්රිය වැඩවර්ජනය තාවකාලිකව නවතා දැමු බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.
තම ගැටලු දින 07ක් තුළ විසඳන බවට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පොරොන්දුවක් ලබාදුන් බවත්, එම පොරොන්දුව මත මෙම තීරණය ගත් බවත් එම සංගමයේ ලේකම් රුවන් පතිරණ මහතා සඳහන් කළේය.