දුම්රිය සේවයේ අධීක්ෂණ තනතුරු ඉවත් කිරීමට එරෙහිව සිදුකරන දුම්රිය රියැදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අද (16දා) දිනයේදීත් විසඳුම් නොලැබුණු නිසා දුම්රිය වැඩවර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ලොකෝටොටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමය සඳහන් කරයි.
අධීක්ෂණ නිලධාරී තනතුරු ඉවත් කිරීමට එරෙහිව දුම්රිය රියැදුරන් විසින් පසුගිය 13 වැනිදා සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව අද (16දා) ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කළත් නිසි විසඳුමක් නොලැබුණු බවද එම සංගමයේ සභාපති අයි.එල්.වී. දිසානායක මහතා සඳහන් කළේය.
මේ නිසා සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගය විසඳුම් ලැබෙන තෙක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම පවසා සිටියේය.