මේවසරේ දුම්රිය මගී සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 3.14%කින් වර්ධනය වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව දක්වා සිටියි.
එමෙන්ම දුම්රිය සමස්ත ආදායම් මේවසරේ 2%කින් ඉහළ ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු කාර්යසාධන වාර්තාව පෙන්වා තිබේ.
2015 වර්ෂයේ ලැබූ ආදායම රුපියල් මිලියන 3681.31 ක් වන අතර, මේවසරේ ලැබූ ආදායම රුපියල් මිලියන 3727.2 ක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත.
දුම්රිය මගී ප්‍රවාහන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 3.4% කින් ඉහළ ගොස් ඇති අතර, 2015 වසරේ ලැබූආදායම රුපියල් මිලියන 2,961.34 ක් වේ. මේවසරේ එය රුපියල් මිලියන 3,064.26 දක්වා වර්ධනය වී තිබේ.
දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වර්ධනය වීම, දුම්රිය අවලංගුවීම් අවමකරගත හැකි වීම, දුම්රිය සංඥා හා යටිතල පහසුකම් නඩත්තු කිරීම ආදී තත්වයන් හේතුවෙන් මෙම දියුණුව ලබාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව සමත්වී ඇති බවද අදාළ කාර්යසාධන වාර්තාව වැඩිදුරටත් දක්වා ඇත.