අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා පද්ධතිය බිඳ වැටීමක් හේතුවෙන් දුම්රිය ප්රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය ආරංචි මාර්ග සදහන් කරයි. ඒ හේතුවෙන් ප්රධාන මාර්ගයේ කොළඹ - කොටුව බලා පැමිණෙන දුම්රියන් ප්රමාද විය හැකි අතර, සංඥා තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිට දුම්රිය බලධාරින් පියවර ගෙන සිටින බවයි වාර්තාවේ.