ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන පාර්සල් ප්‍රවාහනයේදී අය කරනු ලබන ගාස්තු 50% කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. දුම්රිය ගාස්තු පසුගිය වසර 09 ක පමණ කාලයක් තුළ තිස්සේ සංශෝධනය වී නොමැත.
සාමාන්‍ය ජනතාවට අමතරව වැය බරක් නොවන පරිදි වාණිජ නොවන හා පරිභෝජන අවශ්‍යතා මත ප්‍රවාහනය කරන පාර්සල් හැර අනෙකුත් පාර්සල් ප්‍රවාහනය සඳහා දැනට අය කරනු ලබන ගාස්තු 50%කින් ඉහළ නැංවීමට නියමිතය. මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කර තිබේ.