දුම්රිය තාක්ෂණ සේවාවේ සේවකයින්ට ඇති වී තිබෙන ගැටළු විසදන බවට ලබාදුන් පොරොන්දු කඩ වී තිබෙන නිසා 12 වන දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදු කිරීමට අද (05) තිරණය කළ බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි.
පවතින ගැටළු විසදන ලෙස ඉල්ලා 29 වන දින සවස 4 සිට පැය 48ක වැඩ වර්ජනයක් සිදු කළ බවත් එම වැඩ වර්ජනය මුලික කර ගනිමින් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සමඟ සාකච්ඡා කිරීමට ජුනි පළමු වන දින අවස්ථාව ලබා දුන් බවද එම සංගමයේ කමිටු ලේකම් කමල් පිරිස් මහතා සඳහන් කළේය.
එම සාකච්ඡාවට අනුව 04 වන දින වනවිට අදාළ විසදුම් ලිඛිතව ලබාදීමට එම කමිටුව පොරොන්දු වූ බවත් එහෙත් අද (05) සවස 2 වන තෙක් ලිඛිතව කිසිදු දෙයක් ලබා නොදුන් බවද පවසා සිටියේය.
මේ නිසා අද කමිටුවේ විධායක සභාව රැස්වී 12 වන දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදු කිරීමට තිරණයක් ගත් බව සඳහන් කළේය.