ප්රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය ස්ථානය අසල හරස් මාර්ගයේ සිදුවූ දුම්රිය අනතුර මේ වනවිට යථා තත්ත්වයට පත්කර නැවත දුම්රිය ගමනාගමනය ආරම්භ කර ඇති බව දුම්රිය වාණිජ අධිකාරී සිසිර කුමාර මහතා පැවසීය. හුණුපිටිය ප්රදේශයේ කන්ටේනර් රථයක් සහ දුම්රියක් එකිනෙක ගැටීමෙන් අද (16දා) පෙරවරුවේ අනතුරක් සිදු විය.
හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා තබා ඇති විට කන්ටේනරයේ රියදුරු අපරීක්ෂාකාරී ලෙස රථය ඇතුළු කිරීමට යාමෙන් මෙම අනතුර සිදුවිය. කොළඔ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 6.05 ට යාපනය බලා ගමන් කළ අංක 77 දරණ දුම්රිය මෙලෙස අනතුරට පත්වූ අතර අනතුරින් දුම්රිය එන්ජිමට බරපතළ හානි සිදුවී තිබේ. කන්ටේනර් රථයට අලාභහානි සිදුව තිබේ.