කාර්මික දෝෂයක් නිසා දුම්රිය ප්රධාන මාර්ගයේ ඇතිව තිබූ අවහිරතාවය මේ වන විට යථාතත්වයට පත්කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය. කාර්මික දෝෂයට ලක් වූ දුම්රිය මාර්ගයෙන් ඉවත් කර පල්ලෙවෙල දුම්රිය ස්ථානයට ගෙනවිත් ඇති අතැ අනෙකුත් දුම්රියන් මේ වන විට එම මාර්ගයේ ධාවනය වේ. මීරිගම සහ පල්ලෙවෙල අතර දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක් මෙසේ කාර්මික දෝෂයකට ලක් වීය.