දුම්රිය තාක්ෂණ සේවාවල අයත් සේවකයින් ආරම්භ කර තිබෙනා වැඩ වර්ජනය අතර තුර දුම්රිය එංජින් 06 කට හානි සිදුකර තිබෙන බවත් දුම්රියෙන් 07 කට වැඩි ප්රමාණයක විදුලි කේබල් වලට හානි සිදුකර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව මරදාන ඩීසල් ධාවනාගාරයේ M 10915, M 4744, M 4749, M 9866, S 11 907 බලවේග කට්ටල එන්ජිමට හා අංක 79 දුම්රියේ එංජිමට හානි සිදුකර තිබේ.
මීට අමතරව අංක 45 රාත්රී තැපැල් දුම්රියේ හා TV 6-15013, SC 15603, SC 156308, TV 16044, 156 151 භෝජනාගාර මැදිරිය, 5067 දුම්රියන්වල මැදිරිවල දුම්රිය කේබල්වලට හානි සිදු කර තිබේ.
මීට අමතරව TV 15899 මැදිරියේ විදුලි කේබල් ඇමුණුම් කඩාබිඳ දමා තිබෙන බවත්, ලුණුවිල දුම්රිය ස්ථානයේ සිග්නල් කේබල්වලටත් හානි සිදුකර තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.