දුම්රිය දෙපාර්තමේන්තු ඉඩම් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත පවරාගෙන ඉඩම් කච්චේරි පවත්වමින් බදුල්ල ප්‍රදේශයේ ජනතාවට බෙදාදෙමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
දුම්රිය සේවා පවත්වා ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව රට පුරා ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙන බවද එම සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය. අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාව නවතා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම කටයුතු කළ යුතු බවත්, එසේ නොකළහොත් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවද විතානගේ මහතා පවසා සිටියේය.